දිවයිනේ බොහෝ පළාත්වල, අද (16) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
