Gossips

දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.