Gossips

දිවයින පුරා ශීත කාලගුණ තත්ත්වයක්

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, තරමක ශීත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 20 වනදා සිට මෙම තත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
හිමිදිරි කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.