Gossips

දිවයින පුරා මෙහෙයුමකින් 2646 දෙනෙකු අත්අඩංගුවට

පොලිස්පති නියමයෙන් ඊයේ පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා දිවයින පුරා කළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් 2646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ එහිදී හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් 1790 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
වරෙන්තුකරුවන් 623 දෙනෙකු මෙන්ම, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 101 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට අයත්. මෙහෙයුම සදහා පොලිස් නිලධාරින් 13,186 ක් සහභාගි වී තිබුණා.