Gossips

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවයි – දෙමටගොඩ දී දෙදෙනෙකුත් අත්අඩංගුවට

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම, දෙමටගොඩ – මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා.
එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පසුව පොලීසීය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පිපිරීම් සමඟ නිවසේ ගිනි ගැනීමක් ද වාර්තා වී ඇති අතර, මේ වන විට එම ස්ථානයට ගිනි නිවීමේ රථ ද කැදවා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අදාළ නිවසේ පළමු පිපිරීම සිදුවීම පරීක්ෂා කිරීමට යාමේදී දෙවන පිපිරීම සිදුවී ඇති බවයි.
අදාළ නිවෙස මෙන්ම යාබද නිවෙස්වල විශේෂ සෝදිසි මෙහෙයුමක් ද මේවන විට ක්‍රියාත්මකයි.
ඊට බෝම්බ නිශ්ක්‍රිය අංශය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටිනවා.
මේ අතර, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවයි.
එමෙන්ම අද දිනයේ සියළුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.