වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය අද (09) මධ්‍යහ්න 12 සිට ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා.
සිය ඉල්ලීම් සදහා බලධාරින් විසින් විසදුම් ලබාදීමට අපොහොසත් වීමෙනුයි මෙලෙස වර්ජනය කිරීමට දුම්රිය සේවක සංගමය තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඊයේ (08) පස්වරුවේ දුම්රිය වෘත්තීකයන්ගේ ගැටලු විසඳීමට පත්කළ අනුකමිටුවේ සභාපති, අමාත්‍ය සරත් අමුණුගම සමඟ සිදුකළ සාකච්ඡාවකදී දුම්රිය වර්ජනය අද මධ්‍යහ්න 12 දක්වා කල් දැමීමට තීරණය කළ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ.