හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයිනට වයඹ සහ ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වලාකුලු පද්ධතියක් මීට හේතුවයි.
මෙම වළාකුලු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
