Gossips

දිවයින අභ්‍යන්තරයේ සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව, සබරගමුව, උතුර, උතුරුමැද, දකුණ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.