Gossips

දිවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වය තවදුරටත්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින අභ්‍යන්තරයේ විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 55ත් දක්වා තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
එමෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.