Gossips

දිවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ඌව පළාතේ සහ මාතලේ, හම්බන්තොට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40ත්, 45ත් අතර, තද සුළං ඇති විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.