Gossips

දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක්

දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, සෑම පාසලකම මෙන්ම, විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන පරිශ්‍රයන් ආශ්‍රිතව මෙම පළතුරු උද්‍යාන පිහිටුවීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව, එහි පළමු ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් මේ මාසය තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කරඹ, එරමිණියා, හිඹුටු, වීර, පළු, කළුකැටබේරිය, කෝන් වැනි ගුණාත්මක බවින් පිරුණු දේශීය පළතුරු පිළිබඳව ළමයින් දැනුවත් කිරීම ද මෙහි අරමුණක්.