දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
වැසි ඇතිවනවිටදී තාවකාලික තද සුළං මෙන්ම ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.