දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
