Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි ඇති වන විට තද සුළං මෙන්ම අකුණු අනතුරු ද සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.