Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැකි බවයි.