Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේදී තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.