Gossips

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ක තද වැසි

දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු දෙකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.