Gossips

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව, පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.