Gossips

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත්, 150ත් දක්වා තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.