Gossips

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාවක් ද පවතිනවා.