Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශවලට ද මෙම තත්ත්වය බලපෑ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම, මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද ඇතැම්විට ඉහළ යා හැකි බව ද එම නිවේදනයේ සදහන්.