Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලක්ෂ 50 කට වැඩි හෙරොයින් අල්ලයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රුපියල් ලක්ෂ 50 කට අධික හෙරොයින් ග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දෙහිවල, මීගොඩ, පිළියන්දල සහ රාගම ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදියි.
දෙහිවලදී හෙරොයින් ග්‍රෑම් 250 ක් සමඟ එම ජාවාරමට සම්බන්ධ 47 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 112 කට වැඩි ප්‍රමාණයක් සමඟ 27 හැවිරිදි තරුණයෙකු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් 33 හැවිරිදි සැකකරුවෙකු හෙරොයින්ද සමඟ පිළියන්දල – මඩපාත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ තවත් 38 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ රාගම පළමු පටුමග හන්දිය අසළදියි.
මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.