Gossips

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවීමේ අවදානමක්

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම අවස්ථාවල මුහුද රළු ස්වභාවයක් ගත හැකි අතර, මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.