දිවයින ආසන්නයේ වායුගෝලයේ පැවති තරංගාකාර කැළඹිලි තත්ත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති නිසා බොහෝ ප්‍රදේශවලට අද (12) සහ හෙට (13) දිනයේදී වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන යාපනයේ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන වැසි හේතුවෙන් බදුලු ඔය ඇතුලු ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන් රාවණා ඇල්ල, දුන්හිඳ, දියලුම ඇතුලු දියඇළිවලද ජලය වැඩිවී ඇති බැවින් ඒවායේ දියනෑමෙන් වළකින ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වැසි හේතුවෙන් බදුල්ල – බණ්ඩාරවෙල, බදුල්ල – වැලිමඩ, බදුල්ල – මහියංගණය, බදුල්ල – පස්සර, ඇල්ල – වැල්ලවාය සහ හපුතලේ – බෙරගල මාර්ගවලට පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතිනවා.
මේ නිසා එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ද මේ වනවිට අධික වැසි ලැබෙමින් පවතින බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
වර්ෂාවත් සමඟ දැඩි මීදුම් තත්ත්වයක්ද එම ප්‍රදේශවල පවතින අතර, රථවාහනවල ඉදිරි පස ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.