එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමති ගාමිණී දිසානායකගේ බිරිඳ මෙන්ම අමාත්‍ය නවීන් දිසානායකගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක අද (29) අභාවප්‍රාප්ත වුණා.
කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය යනවිට 77 වන වියේ පසුවුණා.
1994 දී ජනාධිපතිවරණ රැළියක් අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක මහතා මිය යාම නිසා ඇය එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව ලෙසද ඉදිරිපත් වුණා.
