Gossips

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පිංකම් රැසක්

කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ධර්ම දේශනාමය සහ දානමය පිංකමක් මැදමුලනදී ඊයේ සහ අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් මැදමුලන මංසන්ධියේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.
මෙහිදී ධර්මානුශාසනාව සිදුකළේ, කසාගල විහාරාධිපති පූජ්‍ය තලංපෝරුවේ ඉන්ද්‍රසිරි හිමියන් විසින්.