හිටපු කතානායකවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 51 වන ගුණ සමරුව තංගල්ල නගර මධ්‍යයේදී අද (06) සිදු කෙරුණා.
ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බවයි එහි සිටි අප වාර්තාකරු කියා සිටියේ.
මීට අමතරව පාර්ලිමේන්තු නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් පළමුව තංගල්ල නගරයේ ඉදිකර ඇති ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කරනු ලැබුවා.
ඡායාරූප – හම්බන්තොට, සනත් ගමගේ