Gossips

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සිදුකළ කැදවීමකට අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා.
අද උදෑසන 11.30ට පමණ ඔහු එම කොට්ඨාශයට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 10 වන දා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එදින පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම හේතුවෙන් අද දිනය ඒ සඳහා වෙන් කරගෙන තිබුණා.
මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
මේ අතර, මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වනදා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.