Gossips

දිල්හාර ලොකුහෙට්ටිගේට අයි.සී.සී.යෙන් දූෂණ චෝදනා

ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනුකර තිබෙනවා.
අයි.සී.සී. ය නිවේදනය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ආචාර ධර්ම 3 ක් ඔහු කඩකර ඇති බවයි.
ඒ අනුව ඔහුට ක්‍රීඩාවට අදාළ කටයුතුවල නිරතවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර, අද සිට දින 14 ක කාලයක් ඇතුළත එම චෝදනාවලට ප්‍රතිචාර දක්වන ලෙසද දැනුම්දී තිබෙනවා.