Gossips

දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් පරදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 37 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.
දිල්ලි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයකට ලකුනු 213 ක් රැස් කළා.
එහිදී ඉන්දියාවේ නව බලාපොරොත්තුව වන 21 හැවිරිදි රිෂ්බා පාන්ට් පන්දු 27 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමඟ නොදැවී ලකුනු 78 ක් රැස් කිරීම විශේෂත්වයක්.
පිලිතුරු වශයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට විසිවන පන්දු වාරයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 176 ක් පමණයි.