Gossips

දිල්ලිය, මුම්බායි පිලට අවසන් මොහොතේ අත්කර දුන් නොසිතූ පරාජය

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 09වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම් ඊයේ (14) තරඟ වැදුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි .
අවසන් පන්දුව තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟය දිල්ලි කණ්ඩායම ජය ගත්තා.
ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 07කින්.
දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 20 තුළ කඩුලු 07කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 194ක්.
එහිදී සුරියකුමාර් යාදෙව් ලකුණු 53ක්, එවින් ලුවිස් ලකුණු 48ක් සහ ඉෂාන් කිෂාන් ලකුණු 44ක් රැස් කරමින් මුම්බායි පිලේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වුණා.
පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට්, ඩැනියල් ක්‍රිස්ටියන් සහ රාහුල් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් පිළ ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ සිය ඉනිමේ අවසන් පන්දුවේදියි.
එහිදී දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයි සිය කණ්ඩායම ජයග්‍රහණය කරාරගෙන ගියේ පන්දු 53ක් තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 06ක් සමඟ නොදැවී ලකුණු 91ක් රැස් කරමින්.
ඔහුට අනෙගි සහයක් ලබාදුන් රිෂබ් පාන්ට් පන්දු 25කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 47ක්.
ඒ අනුව දිල්ලි කණ්ඩයම මේ වන විට තමන් සහභාගී වූ තරඟ තුනෙන් එකක් ජයගෙන ප්‍රසාද ලකුණු ලබා ගැනීම් හි 06 වන ස්ථානයේ පසුවනවා.
ඊයේ ලැබූ දරුණු පරාජයත් සමඟ මේ වන විට තමන් සහභාගී වී ඇති තරඟ තුනම පරාජය වී ඇති මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ සටහනේ අවසන් ස්ථානයේ පසු වෙනවා.
ජේසන් රෝයිගේ නොදැවුණු ඉනිම පහතින්.
rn