Gossips

දිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි

ඉන්දියාවේ – නවදිල්ලි නුවර අද උදෑසන ඝණ මීදුම් දුමාරයකින් වැසී යාම නිසා දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ධාවන පථය හොදින් දිස්නොවීම සහ අයහපත් කාලගුණය ඊට හේතුවයි.
වායු දූෂණය හේතුවෙන් ඇති වී තිබෙන මෙම මීදුම් දුමාරය නිසා දුම්රිය සේවාවන්ට ද බාධා පැමිණ ඇති අතර, දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කර ඇති බව සදහන්.
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, හර්යානා, රාජස්ථාන් සහ උත්තරාකාන්ද් ප්‍රාන්තවලට ඉදිරි දින දෙක තුලදී ද මෙවැනි මීදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.