දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරඟාවලියේ හයවන පරාජයත් අත්කර දෙමින් තියුණු තරඟයකින් අනතුරුව ඊයේ (30) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
චෙන්නායි කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 11කින්.
ඊයේ ලද මෙම ජයග්‍රහණයත් සමඟ නැවතත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එහි දෙවන තැනට ඇද දමමින්.
තරඟය පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිළ සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 211ක්.
ඊයේ තරඟයේදී නැවතත් සිය පිත්ත ක්‍රියාත්මක කිරීමට සමත්වූ චෙන්නායි ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 40කදී දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 04ක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 78ක්.
අම්බති රයිදු පන්දු 24කදී ලකුණු 41ක් රැස්කළ අතර නැවතත් සිය අත්දැකීම් සහ ප්රවීනත්වය ප්‍රයෝජනයට ගත් චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි පන්දු 22ක් තුළ ලකුණු 51ක් රැස් කරමින් චෙන්නායි ලකුණු පුවරුව ලකුණු 211 දක්වා ඉහළට ඔසවා තැබුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිල්ලි ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05ක් දැවී ලකුණු රැස්කිරීමට සමත් වුණේ 198ක් පමණයි.
දිල්ලි පිළ වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 79ක් රැස්කළ අතර විජේ ශංකර් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුවත් තරඟය ජය ගැනීමට දිල්ලි කණ්ඩායමට හැකියාව ලැබුනේ නැහැ.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrnrnrn