Gossips

දිල්ලියේ හෝටලයක ගින්නකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි නුවර කැරල් බාග් දිස්ත්‍රික්කයේ අර්පිට් පැලස් හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සංචාරකයන් අතර ප්‍රකට මෙම හෝටලයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 26ක් යොදා ගත් බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ.
පස් මහල් හෝටල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ අද අලූයම 4ට පමණ ගින්න ආරම්භ වී ඇති අතර ඒ අවස්ථාවේ බොහෝ දෙනා නින්දේ පසුවූ බව සඳහන්.
ඇතැමුන් ගින්නෙන් බේරීම සඳහා ඉන් ඉවතට පැන ඇති බව වාර්තා වුණා.
උදෑසන 7ට පමණ ගින්න නිවා අවසන් කර ඇති අතර, පුද්ගලයන් 35 දෙනෙකු බේරාගෙන ඉන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා.