Gossips

දිරිය හෙටක් – තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට

දිරිය හෙටක් – බස්නාහිර පළාත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ පිළිගැන්වුණා.
ඒ, ජනාධිපති නිළ නිවසේදියි. බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින ස්වයං රැකියා නියුක්තිකයින් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුවකට විසදුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් අලෙවි කර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විවිධ ක්ෂේත්‍රවල ස්වයං රැකියා නියුක්තිකයින් සහ පරිභෝගිකයින් අතර සම්බන්ධතාව ගොඩනැගීම මෙහි අරමුණයි.