Gossips

දිය නෑමට ගොස් කාන්තාවකට දිවි අහිමි වෙයි (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, මඟුල්පොකුණ ප්‍රදේශයේදී ඇලක ගිලීමෙන් අද (16) උදෑසන කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි වලකඩ අප්පුගමිලගේ නාලිකා නමැති තැනැතියක්.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ එම කාන්තාව අද උදෑසන දිය නෑමට නිවස අසල ඇලට ගොස් ඇති අතර එහිදී ඇයට මෙම අනතුරට මුහුණපාන්නට සිදුව ඇති බවයි.
වැලිකන්ද හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වී තිබෙනවා.

ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න