Gossips

දිය නෑමට ගිය දෙදෙනෙකු බිලිගත් දිය වල

නාවලපිටිය ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ගිරිරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙක්.
මංගල උත්සවයක් සදහා එම ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.
දියනෑමට ගිය තුන්දෙනෙකු ජලයේ ගිලී ඇති අතර, ඉන් එක් අයෙකු මුදා ගැනීමට එහි සිටි පිරිස් කටයුතු කර තිබෙනවා.
මියගිය 13 හැවිරිදි පාසල් සිසුවාගේ සහ 42 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුරු ප්‍රදේශවාසීන් සොයා ගෙන ඇති අතර, ඒවා මේ වනවිට නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධිය පිළිබඳ නාවලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.