තංගල්ල – වැල්වතුගොඩ මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ සවස දියේ ගිලීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු බවයි.
මේ අතර, මෝදර මුහුදු තීරයේ දියනාමින් සිටි ළමයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
