Gossips

දියේ ගිලී තරුණයෙකු මරුට – දෙදෙනෙකුට බරපතලයි

බිබිල – නාගලවැවේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ගාල්ල – ඉමදූව ප්‍රදේශයේ පදිංචි මොහු නාගල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇති අතර පසුව තවත් දෙදෙනෙකු සමඟ නාගලවැවේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉමදූව ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
ඔහු සමඟ ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනා ද දියේ ගිලී බරපතල තත්ත්වයෙන් බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.