වැල්ලවාය පේරකැටිය ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා.
ඔහු ඊයේ රාත්‍රී මත්පැන් පානය කරමින් එම ස්ථානයේ සිට ඇති අතර පසුව දිය නෑමට ජලයට බැස ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඔහුගේ සිරුර අද උදෑසන ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සොයා ගැනුනා.
මෙලෙස මියගොස් ඇත්තේ පේරකැටිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
මළ සිරුර එම ස්ථානයේම ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
වැල්ලවාය පොලිසිය විමර්ශණ සිදුකරනවා.
(ඡායාරූප – ජයන්ත වීරසේකර )
