ගලෙන්බිඳුනුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය පාසල් ධාවන ශූරියක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ සවස ඥාතීන් පිරිසක් සමග වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔවුන් දියේ ගිලී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
5 දෙනෙකු දියනෑමට ගොස් ඇති අතර ඉන් 4 දෙනෙකු දියේ ගිලී තිබෙනවා.
දෙදෙනෙකු බේරාගෙන ඇති අතර 18 හැවිරිදි ගැහැණු ළමයා සහ 28 හැවිරිදි තරුණයා දියේ ගිලී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දැරිය පලුගොල්ලාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව සඳහන්.
ඇය පාසල්, පළාත් මෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ධාවන තරගවල පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.
ඔවුන්ගේ මෘත ශරීර අනුරාධපුර සහ ගලෙන්බිඳුනුවැව රෝහල්වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.
ඡායාරූප – ගලෙන්බිඳුනුවැව චින්තක බාලසූරිය
