Gossips

දියේ ගිලීම්වලින් හතරදෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දියේ ගිලීම නිසා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පමුණුගම – එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරෙන් කාන්තාවක් රළ පහරට හසුවී ගසාගෙන යාමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
ඇය 45 හැවිරිදි බෝපිටිය – තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මීට අමතරව වෙන්නප්පුව – වේලක්කන්නි දේවස්ථානය අසළ සහ මාතර – මඩිහේ ප්‍රදේශයේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදී සිටි විදේශිකයන් දෙදෙනෙකුද ඊයේ දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මීට අමතරව පමුණුගම – දෑලතුර ඇළේ දියනාමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුද දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.