අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ පිහිටි තිරුකන්කුලම් වැවේ දිය නෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්කඩවල ප්‍රදේශයේම පදිංචි පස් හැවිරිදි කුඩා දරුවෙක්.
ඊයේ (19) සවස සිය වැඩිමහල් සොයුරිය ඇතුළු තවත් දරුවන් පිරිසක් සමඟ තිරුකන්කුලම් වැවේ දියනෑමට ගිය අවස්ථාවේදියි මේ අනතුර සිදුව ඇත්තේ.
මියගිය දරුවාගේ සිරුර ප්‍රදේශවාසින් විසින් තිරුකන්කුලම් වැවේ සිදුකල සෝදිසි කිරීමේ මෙහෙයුමකින් අනතුරුව සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
