Gossips

දියවැළකට හසුවූ සිව්දෙනෙකු බේරා ගැනේ

ත්‍රිකුණාමලය – සංඝමිත්තා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා.
ඊයේ (15) දහවල් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කෝනේෂ්වරන් කෝවිලේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පැවති පූජාවකට පැමිණි පිරිසක්.
ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් ඔවුන් බේරාගෙන ප්‍රථමාධාර ලබාදීමෙන් පසු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.