Gossips

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිළ ගණන් පාලනය කෙරේ

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ දියවැඩියා රෝගීන්ගේ රැධිර ගත සීනි ප්‍රමාණය පරික්ෂා කිරීමට භාවිත කරන ග්ලූකොස් ස්ට්‍ර්ප්ස් (Glucose Stripes) සහ ග්ලූකොස් මැෂින් (Glucose machine) වල මිල මෙහිදී නියාමනය කිරීමට නියමිත බවයි.
ග්ලූකොස් ස්ට්‍ර්ප්ස් 25 ක පැකට්ටුවක් රුපියල් 1500 සිට අධික මිල ගණන් වලට වෙළෙදපොලේ අලෙවි වන අතර,ග්ලූකොස් මාසින් රුපියල් 2500 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ උපකරණ පෞද්ගලික රෝහල්වල ද විවිධ මිල ගණන් යටතේ අලෙවි වන අතර එය කඩිනමින් නියාමනය කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.