දියවැඩියාව වැළැක්වීම සඳහා නිරෝගා නමින් නව වී ප්‍රභේදයක් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වාදී තිබෙනවා.
මෙහි අවම කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් අඩංගුවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරගැනීමට හැකියාව ලැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම වී ප්‍රභේදය වගා කර ඇති කුඹුරුයාය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පසුගියදා පරීක්ෂාවටද ලක් කරනු ලැබුවා.
එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් අපනයනය කිරීමට පියවර ගන්නා ලෙසයි.