Gossips

දියවන්නාවට ගිය සුපිරි මෝටර් රථයේ හිමිකරුට ඇප

රිය අනතුරකින් පසු දියවන්නා ඔයට වැටුනු මෝටර් රථයේ හිමිකරු ඇප මත නිදහස් කර තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
සමාජශාලාවක සිට පැමිණි මෙම රථය තවත් මෝටර් රථ දෙකක ගැටී අනතුරට ලක්ව තිබුණේ පසුගිය 17 වැනිදායී.
අනතුරෙන් පසු පළා ගිය රජයේ අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු වන එහි රියදුරා පසුගිය 19 වනදා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පසුගිය 20 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එෆ්.එම්. හුසේන් නැමැති ව්‍යාපාරිකයෙකු මෙන්ම රජයේ අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු ද වනවා.
පොලිසිය ප්‍රකාශ කළේ අනතුරක් වලක්වා නොගැනීම, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, රිය අනතුරනක් පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, වෙළඳ අංකයක් භාවිත කරමින් රිය ධාවනය කිරීම යන වැරදි සඳහා සැකකරුට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනුකර ඇති බවයි.
මෙම වාහනය සඳහා ලියාපදිංචි අංකයක් පසුගිය 15 වනදා ලැබී ඇතත් අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මෝටර් රථයට යොදා තිබී ඇත්තේ වෙළඳ අංකයයි.