Gossips

දියමන්ති කොල්ලයට සහය දුන් බවට සැක පිට දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් මොවුන් අද දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොල්ලකෑමෙන් පසු අදාළ දියමන්තිය හා මැණික් ගල් තොගය දිවයිනෙන් බැහැර කිරීම සඳහා මොවුන් ආධාර අනුබල දී ඇති බවටයි සැක කරන්නේ.
ඔවුන්ගෙන් එක් අයෙකුගේ සොහොයුරෙකු ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.