Gossips

දියබෙදුම පොලිස් මුරපොලේදී ඇති වූ ගැටුමකින් එක් අයෙකු මරුට

බකමූණ – දියබෙදුම පොලිස් මුරපොලේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර, ඇති වූ ආරවුලකින් පසු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම පාර්ශවයන් දෙක ඊයේ රාත්‍රියේ දියඛෙදුම පොලිස් මුරපොලට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකදී එක් අයෙකු විසින් එල්ල කළ පොලු ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ 43 හැවිරිදි කොළඹ – විජේරාම මාවතේ පදිංචි පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා.
වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ඔහු අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
පහරදීම සිදුකළ සැකකරු ද ගැටුමේදී තුවාල ලබා පොළොන්නරුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.