Gossips

දියතලාව සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හමුදාපතිට

දියතලාවේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ අත්බෝම්බ පිපිරීම පිළිබඳ යුද හමුදා පරීක්ෂණ වාර්තාව ඉදිරි සතිය තුළ යුද හමුදාපතිවරයාට භාරදීමට නියමිතයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ එමඟින් අදාළ සිද්ධිය පිළිබඳ පුළුල් නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පෙබරවාරි 21 වනදා දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් හමුදා සාමාජිකයන් 12 දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබුවා.
පසුව සිදුකළ මූලික පරීක්ෂණවලින් මෙන්ම රජයේ රස පරීක්ෂක වාර්තවෙන්ද අනාවරණ වූයේ බස් රථය තුළ සිටි මගියෙගේ ගමන් බෑගයක තිබූ අත්බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් බවයි.
මෙම අත්බෝම්බය ගෙන ආ බවට සැකපිට යුද හමුදාවේ 6 වන යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කළ දෙවන ශ්‍රේණියේ බලලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගත්තා.
ඒ අත්බෝම්බ පිපිරීමෙන් ඔහුද තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.